Sunday, February 26, 2012

රාජපක්සට එරෙහිව ඇමෙරිකාව, බිරිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව (Rajapaksa vs US, UK and Australia)

මුලින්ම කියන්න ඕනේ මේක පොඩි ප්‍රමෝෂන් අතේ වැඩක් කියලා...

සෙනසුරාදා ඉරිදට සතියේ දවස් වලටත් වැඩිය වැඩ. කඩේට යන්න, රෙදි හෝදන්න, කෑමක් බීමක් හදාගන්න, යාලු මිත්තරයෝ හම්බුවෙන්න යන්න, ගෙදර පොඩි පොඩි වැඩ කරන්න කීයක් දේවල්ද. මේ අස්සේ පොඩි විවේකෙකට කියල යන්තම් ටිකක් රුපවාහිනියේ යන්නේ මොනවද කියල බලන්නත් අමතක කරන්නේ නැහැ.

මම වැඩිය කැමති සඟරාමය වැඩසටහන් බලන්න. ටෙලියක් නම් (කන්දේ ගෙදර බැලුවට පස්සේ) බලපු කාලයක් මතක නැහැ. මේ වෙලාවට පිහිටට එන්නේ සංචාරක නාලිකාවයි, කෑම නාලිකාවයි, ඩිස්කවරි නාලිකාවයි තමා. ඩිස්කවරි නාලිකාවේ දැන් කාලෙක ඉඳල ලොරි කාරයෝ ගැන වැඩසටහන් මාලාවක් යනවා.

යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ වගේම විශේෂයෙන් ඇමෙරිකානු මහද්වීප දෙකෙත් භාණ්ඩ ප්‍රවාහනයට වැඩියෙන්ම යොදාගන්නේ මහා විසාල ලොරි. ටිකක් විතර අපේ රටේ කන්ටේනර් අදින ලොරි වගේ ඒවා.හැබැයි අපේ ඒවාට වැඩිය සැහෙන්න ලොකුයි.

මේ ලොරි රස්සාව සැලකෙන්නේ බොහොම කර්කශ අමාරු එකක් හැටියටයි. ලොරි එලවන්න බලපත්‍රය ගන්න වෙනම පාඨමාලාවක් හදාරන්න ඕනේ. ඒක මාසයක් දෙකක් ගතවෙන වැඩක්. ඊට පස්සේ බලපත්‍රය ලබාගන්න පුළුවන් උනත් රැකියාව කරන්න බැහැ.

රැකියාව ඕනේ නම් තවත් මාසයක විතර නේවාසික පුහුණුවක් ගන්න ඕනේ. මේ පුහුණු කාලේදී ගෙදර යන්න බැහැ. පළපුරුදු රියදුරෙක් එක්ක මාරුවෙන් මාරුවට ලොරිය හෙවත් ට්‍රක් හෙවත් ඉංගිරිස් එකෙන් 'බිග් රිග්' එක එලවන්න ඕනේ රට වටේම. ඒ නිකම් නෙමෙයි බඩු එහෙ මෙහෙ අරගෙන යන ගමන්.

පුහුණුවෙන් පස්සේ ලොරි සමාගමක ලියාපදිංචි වෙලා ලොරියක් එලවන්න පුළුවන්. මේ බොහොමයක් ලොරි වල රියදුරාට නිදාගන්න පොඩි කුටියක් රියදුරු අසුනට පිටිපස්සෙන් තියනවා.

ලොරි සමාගම් වල තියන නීතියක් තමයි එක දිගට පැය 8 කට වැඩිය ලොරි එළවීම තහනම්. අනිවාර්යෙන්ම ඊළඟ පැය 8 විවේක ගතයුතුයි. ඉතින් මේ ලොරි රියදුරෝ කොහේ හරි පාර අයිනක නවත්තලා නිදාගන්නවා තමන්ගේ ඊළඟ කාල රාමුව එනකන්. එක නගරෙකින් බඩු පටවාගෙන තව නගරෙකට ගිහින් ඒවා බාන්න ඕනේ. ඊට පස්සේ ඒ අහල පහලින් තවත් බඩු තොගයක් පටවාගෙන තවත් නගරෙකට. මේ විදිහට රට වටේම යන්න සිද්ද වෙනවා. ගෙදර එන්න හම්බවෙන්නේ බොහොම කලාතුරකින්.

ඉතින් මේ වගේ රැයක් දවාලක් නැති රස්සාවක් කරන්න යන්නේ ටිකක් අමාරු කාරයෝ තමයි. රැවුල් වවාගෙන කොන්ඩේ වවාගෙන තුවක්කුවක් තමන්ගේ අසුන යට තියාගෙන තමා මේ ගොඩක් රියදුරෝ ඉන්නේ. කලාතුරකින් රියදුරියොත් ඉන්නවා. හැබැයි ගොඩක් දෙනා දැක්කහම බය හිතෙන වර්ගයේ. එහෙම නැතුව මේ රස්සාව කරන්න අමාරුයි.
 
ඉතින් දැන් මේ ඩිස්කවරි නාලිකාවේ යන වැඩසටහන් වල පෙන්නන්නේ තෝරගත්තු ලොරි කාරයන්ට අමාරුයි කියල හිතෙන පාරවල් වල බඩු අදින්න තරඟ සංවිධානය කරන එකයි.

එක පාරක් තිබබා ඇලස්කාවේ සීත කාලේදී මිදුන ගංගාවල් පාරවල් විදිහට යොදාගෙන බඩු ප්‍රවාහනය කරන එකක්. ඒ විදිහට බඩු ගෙනියන්න පුළුවන් අධික සීතල කාලෙට විතරයි.

තව එකක තිබ්බේ ඉන්දියාවේ කඳුකර පළාතකට බඩු අදින්න. කන්දේ පාර බොහොම පටුයි. බොහෝ තැන වල එක පාරකට වාහන දෙකකට මාරු වෙන්න ඉඩ මදි. ඒක පැත්තකින් මාරාන්තික හෙළ. නාලිකාවෙන් කරන්නේ වෙන රටවල් වලින් කට්ටිය ගෙනල්ල නාට්‍යනුසරයෙන් මේ වැඩසටහන පටිගත කරන එකයි.

හැබැයි මේ කියන හැම පාරකම එදිනෙදා ජීවිතේ ලොරි එලවන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ගැන නම් කවුරුත් කතා කරන්නේ නැහැ. තරගෙට යන අය තමයි වැඩ කාරයෝ කියල කියන්නේ.

ඉතින් මමත් උඩින් පල්ලෙන් රුපවාහිනිය බලන ගමන් මේ ලොරි කාරයන්ගේ අලුත් වැඩසටහනක් ගැන පොඩි හැඳින්වීමක් ගියා. වැඩසටහනේ නම ඇවිල්ල ලෝකයේ ලොරිකාර තදයෝ. අට දෙනෙක් වැඩේට සෙට් වෙලා ලු. එකා එකා පෙන්නනවා, එක එක රටවල් වලින් ආපු.

මෙන්න බොලේ කළු කෙට්ටු එකෙක් ලොරියක් එලවනවා සිංහ කොඩියකුත් ගහගෙන! ඇඟ පුරා පච්ච කොටගෙන, තොප්පියක් දාගෙන හීනියට පොඩි සුදු රැවුලක් කට වටේ වවාගෙන. නම දානකොටත් ලංකාවේ කොඩියක් එක්ක තමයි නම දාන්නේ සෝලා රාජපක්ස කියල.

මෙන්න ඉන්නවා කට්ටියම.

දවස් දෙක තුනක් යනකොට මේ වැඩසටහට ටොප් ලිස්ට් වෙලා.
 

හැබැයි ඉතින් අපේ මනුස්සයට වැඩිය දුර යන්න උනේ නම් නැහැ. තමන්ගේ ඇමෙරිකානු සගයා ගේ වැරදි නිසා. ඒකෙන් මේකෙන් දැන් අඩු ගානේ ඇමෙරිකාවේ මිනිස්සු සැහෙන පිරිසක් දන්නවා ලංකාව කියල පොඩි රටක් තියනවා කියල වත්.

හෙට අනිද්දට ලංකාවේ හන්දියක් හන්දියක් ගානේ උද්ගෝෂණ රැල්ලක් කරන්න නේ හදන්නේ. ලෝකෙටම ඇහෙන්න මොනවදෝ කියන්න. බලමුකෝ ඒ රාජපක්සලා කියන දේ ඇහෙයි ද කියල මේ රාජපක්සට වැඩිය සද්දෙන් කියලා...

ජයාරූප උපුටාගැනීම: http://tractors.wikia.com

7 comments:

  1. oyage lipiyanamm maru habaii etin katawe antimata madakutt ghala teyanawa ......
    ekata kamakk nee katawa maru...
    thanks apiwa danuwatt karata
    jayawewa.............!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට ඕනේ උනේ රටක් විදිහට අනිත් රටවල් වලට කතා කරනකොට වැඩිය ප්‍රයෝජනවත් මොන විදිහද කියල සංසන්දනය කරන්නයි. ක්‍රිකට් ගහන රටවල් ඇරුනහම අනිත් රටවල් ටිකක් හරි අපිව දන්නේ සුනාමිය නිසා. ලෝකේ හරි විසාලයි. ආසියාවෙන් එලියට ගියහම අපිව ගණන්ගන්නේ ඉන්දියාවේ මිනිස්සු හැටියට. එහෙම නැතුව ලංකාවේ කිව්වට වැඩිය දෙනෙක් දන්නේ නැහැ. ඉතින් ගෙදර තියන මුව හමට තඩි බැවා කියල ප්‍රයෝජනයක් නැහැ. තර්කනුකුලව හොඳට කතා කරන්න පුළුවන් දෙතුන් දෙනෙක් ලව්වා මේ වගේ දේවල් බොහොම පහසුවෙන් විසඳගන්න පුළුවන්.

      රුවන්, ඒ මොනවා උනත් බොහොම ස්තුතියි මෙතනට ඇවිල්ල මේක කියවල විතරක් නෙමෙයි කොමෙන්ටුවකුත් දැම්ම එකට. ඒක ලොකු හයියක්!

      Delete
  2. මේක ලංකාවෙ වෙලාවෙන් කීයටද පෙන්නනන්නෙ ?

    ReplyDelete
    Replies
    1. එක නම් හරියටම දන්නේ නැහැ. සඳුදා රෑට තමයි ඩිස්කවරි නාලිකාවේ පෙන්නන්නේ. මම දන්නේ නැහැ ලංකාවේ යාවත්කාලින කරලා පෙන්නනවද කියන්න. නමුත් youtube එකේ පොඩ්ඩක් බැලුවොත් මුළු වැඩසටහනම හොයාගන්න පුළුවන්.

      Delete
  3. බුකියෙන් මේ ගැන යන්තමින් දැනගෙන හිටියා..වැඩි යමක් මේ ලිපියෙන් ලබාගත්බව කියන්නෙ සතුටෙන්....

    මට නම් ඉතින් ඔයවගේ වැඩසටහන් බලන්න පහසුකම් නෑ..ගෙදර එකෙන් ලංකාවෙ එව්වාවත් හරියට පේන්නෙ නෑ.. :)

    රටේ නම ගෙනියන එක නම් වටිනවා..

    සහෝ හිතන්නෙ ඔය උද්ඝෝෂණවලට මිනිස්සු කැමැත්තෙන් එනවා කියලද? ජනාධිපති ප්‍රමුඛ ආණිඩුව දිගේ පහළට පහළට එන බල්පෑමෙන් තමා මිනිස්සු පාරට බැහැලා තියෙන්නෙ..

    සමෘද්ධි කපනවට බයේ හෝ වෙනත් උවමනා එපාකම් ඉෂ්ඨ කර ගන්න..ඔය උද්ඝෝෂණ කරන කාගෙන් හරි ඇහුවානම් කියයි යසට..

    මට සැකයි ඇමතිලාවත් දන්නවද කියලා උද්ඝොෂණ කරන්න හේතුව..

    ReplyDelete
  4. http://www.moxitube.com/worlds-toughest-trucker-s01e01/

    ReplyDelete
  5. බලාගෙන යනකොට දැන් හැමෝම රාජපක්ෂවරැනේ
    www.mashguru.com

    ReplyDelete