
මේ මහාචාර්ය සරච්චන්ද්‍ර ජීවතුන් අතර සිටි කාලයේ කොළඹ අවට මනමේ රඟදැක්වෙන දවසක්. පුරුද්දක් විදිහට මහාචාර්ය තුමා, තමන්ට හැකියාවක් තියනවා නම්, රංගනය පටන්ගන්නට කලින් නාට්‍ය පැවැත්වෙන ස්ථානයට ඇවිත් තිරය පිටුපස නළුවන් සමඟ ටික වෙලාවක් වත් ගත කරනවා.
මේ දවසෙත් නළුවන්ට වෙස් ගන්වමින් තිබෙන අතරේ ඔවුන් සමඟ කතා බහ කරමින් ඉන්න මහාචාර්ය තුමා හමුවීමට කෙනෙක් පැමිණියේ අපේ සටන් නළු ක්ලීටස් මෙන්ඩිස් සමඟින්.
"සර්..., දන්නවා නේද මේ අපේ ක්ලීටස් මෙන්ඩිස්..." පැමිණි පුද්ගලයා ක්ලීටස් මෙන්ඩිස් ව මහැදුරු තුමාට හඳුන්වා දුන්නා.
කවදත් උපහාස වදන් බිණුමට දක්ෂ මහැදුරුවරයා කට කොනකින් සිනාසෙමින් පවසා ඇත්තේ,
"අපොයි මොකද මම නොදන්නේ, අපේ මනමේ කුමාරයත් කාලයක් ක්ලීටස් මෙන්ඩිස් ට ඇන්දා නොවැ..." කියායි.
ඔළුව කසමින් සිනාසුනු ක්ලීටස්,
"සර් ඉතින් මට වැඩිය කැමති උනේ නැහැනේ" කීවාලු.
(පිංතූර- sundayobserver සහ sundaytimes)
සෑහෙන කාලෙකින් එකක් ලියල තියෙන්නේ. අහල නැති කතාවක්
ReplyDeleteඔව් අජිත්, වෙලාවක් හම්බ වෙනවා හරි අඩුයි. මට මේ කතාව කිව්වේ ඒ වෙලාවේ මනමේ කුමාරයාට රඟපෑ රංග ශිල්පියා.
Deleteනියම පොස්ට් එක. ජයවේවා !!
ReplyDeleteස්තුතියි කවිඳු!
Deleteක්ලීටස් මෙන්ඩිස් මනමේ කුමාරයාට රගපෑවා කියා දැනගත්තේත් අදයි. හොද නළුවෙක් දුෂ්ඨ චරිතවලට කොටුවුන එක තමයි දුක.
ReplyDelete