ඉස්කෝලේ යන කාලේ කැන්ටින් දෙකකිනුත්, ඊට පස්සේ මොරටුවේ වලෙන්, ගොඩෙන් මෙන්ම ගුලෙනුත්, ජපුරේ කැන්ටින් එකකිනුත්, පේරාදෙණියේ අක්බාර් ශාලාවේ කැන්ටිමෙන් මෙන්ම චමත්කාර වටපිටාවකින් යුතු වුස් (WUS) කැන්ටිම මෙන්ම කොළඹ ආර්ට් ෆැකල්ටි කැන්ටිමෙන් සහ මෙඩිකල් ෆැකල්ටි කැන්ටිමෙන්ද සැහෙන වාර ගණනක් ගොස් කා ඇතත් මගේ කැම්පස් ජීවිතයෙන් 40% පමණ කාලයක් ගතවුයේ විවෘත ආපන ශාලාව හෙවත් ඕපන් කැන්ටිමේය.
දයාල් බතී ට මෙන් ජැකා ලා තරම් ප්‍රසිද්ද පුද්ගලයින් නැතත් මටද අපූරු මිනිසුන් මේ කැන්ටිමේදී මුණ ගැසී තිබේ.
මුල දවස් වල මම කැම්පස් එකට එන්නේ ආර්ට් ෆැකල්ටිය පැත්තෙන් තියන ගේට්ටුවෙන්. ඒ දවස් වල ICT එකට අලුතෙන් කෑල්ලක් හදනවා. එකේ වැඩ කරන මේසන් බාස්ලව පේනවා. උදේ පාන්දරම යන්නේ open එකට. කට්ටියත් එක්ක කයියක් ගහගෙන මොනවා හරි කොටාබාන ගමන් කවුදෝ වයසක මනුස්සයෙක් කැන්ටිමේ පෝලිමේ.
මුල දවස් වල මම කැම්පස් එකට එන්නේ ආර්ට් ෆැකල්ටිය පැත්තෙන් තියන ගේට්ටුවෙන්. ඒ දවස් වල ICT එකට අලුතෙන් කෑල්ලක් හදනවා. එකේ වැඩ කරන මේසන් බාස්ලව පේනවා. උදේ පාන්දරම යන්නේ open එකට. කට්ටියත් එක්ක කයියක් ගහගෙන මොනවා හරි කොටාබාන ගමන් කවුදෝ වයසක මනුස්සයෙක් කැන්ටිමේ පෝලිමේ.
කලිසමේ එක කකුලක් අඩියක් එකහමාරක් විතර උඩට නමාගෙන, අනිත් කකුල හරියට දිගට තියනවා.
කකුල් දෙකේ සෙරෙප්පු දෙකක්. ෂර්ට් එකේ එක පැත්තක් යට කරලා අනිත් පැත්ත උඩින් වැටිලා. මුහුණ පුරා රැවුල වැවිල. අතේ පොඩි වෙච්ච සිලි මල්ලක මොනවදෝ තියනවා.
කවුන්ටරේට සල්ලි දුන්නහම කැෂියර් කොලුවා දෙනවා පොඩි සිලි උර දෙකක්. එකක එළවලු රොටියක්, අනිකේ ප්ලේන් ටී එකක්.
"අලුතෙන් හදන බිල්ඩිමේ වැඩ කරන මනුස්සයෙක් වෙන්න ඇති..."
මට එහෙම හිතුන විතරක් නෙමෙයි කියවුණා.
"පිස්සුද යකෝ; ඒ අපේ අබේසිංහ සර් නේ!"
මගේ සගයෙක් කියනවා...
ශුද්ධ ගණිතය උගන්වන ගණිත අංශයේ ජේෂ්ඨතම ආචාර්යවරයෙක් මේ. ආචාර්ය මහාචාර්ය පට්ටම් නැති නිකම්ම නිකම් අබේසිංහ උනාට ගණිතය ඉගෙනගත්තු හැමෝම එතුමාට ගරු කරේ හරියට වැඩේ කරන ගුරු දෙවියෙක් නිසයි. කැන්ටිමට වෙන කිසිම ආචාර්යවරු එනවා මම දැකල නැහැ, අබේසිංහ සර් ඇරෙන්න. හැමදාම අබේසිංහ සර් අවේ ගියේ බස් එකේ. අර සුපුරුදු පොඩි වෙච්ච සිලි මල්ලත් වරදින්නේ නැහැ.
කැම්පස් එකෙන් අයින් වෙලා අවුරුදු කීපයකින් ආරංචි උනා අබේසිංහ සර් ව බම්බලපිටියේදී කෝච්චියකට හැප්පුනා කියල. ඒ අනතුරෙන් එතුමාගේ අතකට බරපතල හානි සිදු උනා. පස්සේ බොහොම දුක් විඳලා එතුමා මිය ගියා. කිසිදා එතුමාගෙන් ගණිතය ඉගෙන ගෙන නැතත් හැමෝම වගේ මමත් එතුමාට නිවන් සුව පතනවා..
මේ බතීගේ වචන එතුමා ගැන නොදන්නා කෙනෙකුට පැහැදිලි චිත්‍රයක් මවයි:
"අබේසිංහ සර් මිය ගියා අන්තිම අහිංසකයෙකු ලෙස මීට වසර දෙකකට පමන පෙර. මට මතකයි බුලර්ස් පාරේ බස් නැවතුම පලේ මිටි කොන්ක්‍රීට් කනුව මත වාඩිවී බසය එනතුරු බිම බලා සිටිනා අබේසිංහ සර්. මාත් පසෙක මගේ බසය එනතුරු."
දවල්ට කන වෙලාවට කැන්ටිමේදී දකින අමතක නොවෙන චරිතයක් තමයි වතුගල අයියා. රැලි වැටුන දිග කොණ්ඩය සහ රැවුල දකිනකොට මතකයට එන්නේ හේනානිගල ආදිවාසියෙක් ව. එත් පුදුමෙකට වගේ කැන්ටිමේ කන හැමෝම කාල ඉවර වෙලා තමන්ගේ ඉඳුල් පිඟාන මේසේ උඩ තියල ගිහින් අත හොදගනිද්දී වතුගල විතරක් පිඟානත් අරගෙනම ටැප් එක ලඟට යනවා.
"අබේසිංහ සර් මිය ගියා අන්තිම අහිංසකයෙකු ලෙස මීට වසර දෙකකට පමන පෙර. මට මතකයි බුලර්ස් පාරේ බස් නැවතුම පලේ මිටි කොන්ක්‍රීට් කනුව මත වාඩිවී බසය එනතුරු බිම බලා සිටිනා අබේසිංහ සර්. මාත් පසෙක මගේ බසය එනතුරු."
දවල්ට කන වෙලාවට කැන්ටිමේදී දකින අමතක නොවෙන චරිතයක් තමයි වතුගල අයියා. රැලි වැටුන දිග කොණ්ඩය සහ රැවුල දකිනකොට මතකයට එන්නේ හේනානිගල ආදිවාසියෙක් ව. එත් පුදුමෙකට වගේ කැන්ටිමේ කන හැමෝම කාල ඉවර වෙලා තමන්ගේ ඉඳුල් පිඟාන මේසේ උඩ තියල ගිහින් අත හොදගනිද්දී වතුගල විතරක් පිඟානත් අරගෙනම ටැප් එක ලඟට යනවා.
මුලින්ම කරන්නේ තමන්ගේ පිඟාන හෝදන එක. ඊට පස්සේ අත හෝදගෙන පිඟාන කැන්ටිමේ බත් බෙදන පැත්තෙන් ගිහින් තියනවා. එතකොට හිතෙන්නේ කැන්ටිමේ කන එකම ශිෂ්ට සම්පන්න මනුස්සය වතුගල විතරක් බවයි.
වසර 3 - 4 ක ජෙෂ්ටයෙකු වූ වතුගල ඔවුන්ගේ කණ්ඩායමේ හැමදාමත් බැජ් ටොප් බව බොහොම ඉක්මනින්ම දැනගන්න හම්බ උනා. ඔවුන්ගේ උපාධි ප්‍රධානෝත්සවයේදී ජාතික ඇඳුමෙන් සැරසී ඊට සහභාගී වූ එකම කෙනා වතුගල කියල ආරංචි උනා. පළවෙනියට නම කතා කරලා වේදිකාවට ගොඩවෙද්දී ශාලාවේ පොඩි සූවක් ගියාලු. ඒ වතුගලව දැකල නැති අනිත් පීඨ වල සිසුන්ගෙන්. එත් ඊට පස්සේ වතුගලගේ නම නැවත නැවතත් කියමින් ඔහුට වේදිකාවෙන් බසින්නට නොහැකි වී තිබෙන්නේ එම වසරේ වැඩිම පදක්කම් සහ සහතික හිමි සිසුවා ලෙසටයි.
ඕපන් එක තියෙන්නේ කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එක හෙවත් ක්‍රීඩාපිටිය අද්දර. උදේ පාන්දරින්ම කැන්ටිමට අවොත් දකින්න තියන දර්ශනයක් තමා මේ ක්‍රීඩා පිටියේ කඩුළු මතින් දුවන්නට පුහුනුවෙන උස කළු හාදයෙක්. මේ තමයි කුලාන්.
ඕපන් එක තියෙන්නේ කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එක හෙවත් ක්‍රීඩාපිටිය අද්දර. උදේ පාන්දරින්ම කැන්ටිමට අවොත් දකින්න තියන දර්ශනයක් තමා මේ ක්‍රීඩා පිටියේ කඩුළු මතින් දුවන්නට පුහුනුවෙන උස කළු හාදයෙක්. මේ තමයි කුලාන්.
මේ වෙනකොටත් කඩුළු මතින් දුවන විශ්ව විද්යාල ශූරතාවය හිමිකරගෙන හිටිය කුලාන් හැමදාම උදේ 7.30 වෙනකොට පුහුණුවීම් පටන්ගත්ත. බොහොම මහන්සියෙන් තමන්ගේ පුහුණුවීම් කරන කුලාන්, පුහුණුවෙන් පස්සේ කැන්ටිමට ඇවිත් කෙහෙල් කොලේ ඔතපු මහා විසාල බත් එකක් කනවා.
තමන් කරන දේ බොහොම කැපවීමෙන් කරන කුලාන් දක්ෂ උනේ ක්‍රීඩාවට විතරක් නෙමෙයි. පළමු වසරේදී බැජ් ටොප් හෝ ඊට ආසන්නම වෙන්නත් කුලාන්ට පුළුවන් උන බව මතකයි. පසුව ගණිත විශේෂ උපාධිය සම්පූර්ණ කරපු කුලාන් මේ වෙනකොට කැන්ගරු දේසේ තමන්ගේ ආචාර්ය උපාධියත් ඉවර කරලා ආචාර්ය වරයෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම තමා පිටියේ තරඟ වලින් තවමත් සුද්දන් අතරේ පළවෙනියට මේ කළු අස්සයා එන්නේ අපේ රටට ආඩම්බරයක් දෙමින්.
ඊළඟට කියන්න යන්නේ පිස්සා ගැන.
ඊළඟට කියන්න යන්නේ පිස්සා ගැන.
කැම්පස් එකේ වැඩියෙන් හිටියේ මම වගේ සාමාන්‍ය තරමේ කට්ටිය තමා. ඉස්කෝල වල හිටිය හොඳටම වැඩ කරන එවුන් ටික මොරටුවටයි පෙරදෙණියටයි ගියහම ඊට පස්සේ හිටිය පිස්සු නටපු average එවුන් තමයි කොළඹ සයන්ස් කරන්න එන්නේ. දෙය්යන්ගේ පිහිටෙන් කිසිම දෙසපාලනයක් කරන්න, රැග් කන්න ඕනේ වෙන්නේ නැති මේ ෆැකල්ටියේ තමන්ගේ පාඩුවේ තමන්ට කැමති දෙයක් කරගෙන ඉන්න පුළුවන්. අල්කෙමියගේ පොස්ටුවකට කොමෙන්ටුවක් දාපු කෙනෙක් අහල තිබ්බ රැග් එක කාපු නැති කෙනෙක් ඉදිරිපත් වෙන්න කියල. ඔන්න ඉන්නවා තොගයක්ම.
ඉතින් මේ වගේ ජනතාවක් අතරෙත් ඉන්නවා මෝටර් වගේම මීටර් කීපයකුත්. කුලාන් කියන්නේ අධ්‍යාපන වැඩ වලට මෝටරයක්. මේ අපහාසෙකට එහෙම කියන දෙයක් එහෙම නෙමෙයි. මීටරෙකුත් නොවන, මෝටරේකුත් නොවෙන මම වගේ අයට වැඩි දක්ෂ අයගේ එක කොට්ටාශයක් ගැනයි කිව්වේ. මට අධ්‍යපනෙත් වැඩිය බැහැ ක්‍රීඩාව කොහොමටවත් බැහැ.
මේ මීටර් අතරිනුත් මීටරේ තමයි පිස්සා. පිස්සට පිස්සා කියන්නේ ඌට පිස්සු නිසා. කොයි වෙලෙත් පිස්සු නටන එක තමයි කරන්නේ. මම හිතන විදිහට පිස්සාගේ මීටරේ උපතින්ම ආව එකක්. පැමිණීම ගණන් කරන අත්‍යවශ්‍යම දේශනෙකට ඇරෙන්න වෙන කිසිම දේශනෙකට පිස්සා යන්නේ නැහැ. හැම වෙලේම ඉන්නේ කැන්ටිමේ. ඒ ඉන්න ගමනුත් කරන්නේ මොකක් හරි පිස්සු වැඩක්.
වාසනාවට මේ කියන කාලේ විභාග තියෙන්නේ අවුරුද්දට එක පාරක් විතරයි. ඉතින් අපිත් කැන්ටිමට වෙලා මොනවා හරි විකාරයක් කර කර දවසෙන් වැඩි කාලයක් ගත කරනවා. වෙලාව ලැබෙන විදිහට දේශන වලට ගොඩ වෙලා එන්න යනවා. මෙහෙම ඉඳල විභාගයක් ලං උනහම දෙලොව රත් වෙනවා.
මේ වගේ වෙලාවට පිහිටට එන්නේ කුප්පි. කවුරු හරි විෂය ගැන හොඳට දන්නා කෙනෙක් කට්ටියව කොහේ හරි තැනකට එක්කගෙන ගිහින් අවුරුද්දක් උගන්නන ඒවා එක දවසින් ප්‍රගුණ කරවන එකට තමයි කුප්පි කියන්නේ.
පිස්සා මේ කුප්පි වලටත් එන එකෙක් නෙමෙයි. පිස්සා කරන්නේ තමන්ට ලියන්න තියන විෂයේ පොතක පිටු පෙරලගෙන යන එක විතරයි. විනාඩි 10 කින් පිස්සාට පුළුවන් ඕනෙම විෂයක් අපිට උගන්වන්න.
පරිගණක අන්සෙන් මේ කුප්පි වලට වැඩිහරියක් වග කිව්වේ ජාවා සම්පත්. එත් මේ විෂයේ ප්‍රයෝගික පරිෂණ තමයි වැඩියෙන් තියෙන්නේ. මේ වෙලාවට පිහිටට එන්නේ පිස්සා.
මුල් වසර වල පිස්සා උදව් නොකරපු පරිගණක පැවරුමක් කරපු අය ඉන්නවා නම් ඒ අතේ ඇඟිලි ගානට කිව්වොත් වැරදි නැහැ. උදව් කරලත් ගොඩ දාගන්න බැරි කීප දෙනාට පිස්සාගේ ගෙදර පැවරුම දෙන්න තියන දවසට කලින් දවසේ මහා පැවරුම් රාත්‍රියක්, කෑමබීම නවාතැන් සමග. රෑ එළිවෙනකන් වගේම පහුව දා දවල් වෙනකනුත් හැමෝගෙම වැඩ කරන පිස්සා තමන්ගේ පැවරුම දෙන්න යන්නේ හවස 4 ට විනාඩි 5 කට කලින් දුවගෙන.
මහන්සි නොවී ප්‍රීතියෙන් කල් ගෙවීම පරම අරමුණ කරගත් පිස්සා ඒ විදිහට ඉන්න පුළුවන් තරම් කල් හිටිය. අන්තිමේ දැනට මාස කීපෙකට කලින් මට කතා කරපු වෙලාවේ කිව්වා පිස්සාගේ ආචාර්ය උපාධිය මීටත් වැඩිය අදින්න බැරි නිසා සම්පූර්ණ කරන බවත්, ඒ සමගම කුප්‍රකට ගූගල් නම් වැඩපොලෙන් රැකියා අවස්ථාවක් ලැබුන බවත්ය.
වෙන කිසිවෙකු මෙසේ පැවසීනම් (වෙන කිසිවෙක් මේසේ පවසා නැත) මගේ ප්‍රශ්නය වනුයේ
"සුබපැතුම්, කවදද වැඩ පටන්ගන්නේ?" යන්නයි.
නමුත් පිස්සාට පිස්සු බැවින් මගේ ප්‍රශ්නය උනේ
"ඉතින් උඹ යනවද?" යන්නයි.
"ඔව් බන්, මේක මුන් ඉස්කොලෙටම ඇවිල්ල ඉන්ටෙව් කරලා ගත්තේ. වෙන ඒවාට යන්න මහන්සි වෙන්න බෑ, මේකට යනවා"
විමල් ඇමති තුමා කීවත් වැඩක් වන එකක් නැත. 'මට මෙතෙක් හමුව ඇති හොඳම මොළය' (මීට සමාන දෙයක් වරක් මහාචාර්ය V.K.සමරනායක ද පිස්සා ගැන පැවසීය!) වුවද පිස්සා පිස්සෙක් වීම නිසා ගූගල් එකේ වැඩට ගියේය.
අනේ අපි නම් යයි ඕවයේ පස් පාගන්න!